Want to join HIS


Hands in Service Project - “SMILE"

ඔබත් කැමති නම් Hands In Service Foundation Sri Lanka හි සාමාජිකයෙකු වී මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න, එන්න අපත් සමග එකතු වන්න.

·         අරමුණ
යහපත් සමාජයක් නගා සිටුවීම උදෙසා මිනිසුන් විසින් මිනිසුන්ට උදව් කර යහපත් ජීවන තත්වයක් ලබාදීම.

·         හැඳින්වීම
Hands in Service “MINI” projects යනු Hands in Service Foundation Sri Lanka හි තවත් අදියරකි, එය HIS හි නවක සාමාජිකයෙකු වීමට අවශ්‍ය  සුදුසුකමක්ද වේඑහෙදී ඔබ විසින්ම කෙනෙකුට උදව් කරනු ලබයි.

·         මෙහි තේමාව නම්,
“Simple & Do it now”

·         මෙය සිදු කරනු ලබන ආකාරය ඔබට පියවර කිහිපයකින් පැහැදිලි කරන්නම්,
මුලින්ම, ඔබ උදව් අවශ්‍ය කෙනෙකු සොයාගත යුතුයඑය පුද්ගලයෙක් හෝ පිරිසක් විය හැක, පසුව ඔබ එම ව්‍යාපෘතිය සඳහා නමක් නිර්මාණය කරගත යුතුවේ, සහ එම ව්‍යාපෘතිය පිලිබඳව සම්පූර්ණ විස්තරයක් නිර්මාණය කරන්න. (ඔබ උදව් කරන්නේ ඇයි යන්න තව කෙනෙකුට දැන ගැනීමට)

පසුව, එම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති කලමණාකරු (Project Manager) බවට ඔබ පත්වේ,
එම project එක කුඩා හෝ අඩු පිරිවැයක් සහිත නම්, ඔබට ම පිරිවැය තනිව දැරිය හැකි නම්, එම project එක ඔබ විසින් සිදු කරන්න, නමුත් ඔබට සඳහා තවත් පුද්ගලයන් අවශ්‍ය නම්, එය අප හට දැනුම් දෙන්න, සහ පිරිවැය අධික නම්, එයද දැනුම් දෙන්න, අප විසින් අපගේ HIS සාමාජියන් දැනුම් දී එහි පිරිවැය හා අවශ්‍ය පුද්ගලයන් එකතු කර ගැනීමට උපකාර කරන්නෙමු.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔබ ලබා දිය යුතු විස්තරය පහත පරිදි වේ.
  • Project name. (ව්‍යාපෘතියේ නම)
  • Project details. (ව්‍යාපෘතිය සම්බන්ධ විස්තරය)
    • ඔහුට උදව් කිරීමට අවශ්‍ය ඇයි, (තව කෙනෙකුට දැන ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න)
    • ඔබ කෙසේද ඔහුට උදව් කරන්නේ,(ව්‍යාපෘතිය සිදුවන ආකාරය) 
    • මිලදී ගැනීමට යමක් ඇත්නම් පිලිබඳ විස්තරයක්,
    • වැයවන මුදල් පිලිබඳ විස්තරයක්, (Budget)
    • මෙම project එක පවතින කාල සීමාව හෝ ඔබ එය අවසන් කරන කාල සීමාව,

  • පින්තූර ඉදිරිපත් කිරීමට හැකි නම් එය අනිකුත් අයගේ විශ්වාසය නැංවීමට උපකාරීවේ, ඔවුන් පින්තූර ලබා දීමට අකමැති නම් සඳහා ගැලපෙන පින්තූර ඔබ ඉදිරිපත් කරන්න.
  • වීඩියෝ එකක් ලබා ගැනීමට හැකි නම් එයද ඉදිරි පත් කරන්න.
  • මෙම Project එකේ සංවිධායකයන්  (Team) නම් කරන්න.
    • ඔබ පමණක් නම් ඔබගේ නම සඳහන් කරන්න, දුරකතන අංකයද සහිතව
  •   Project එක ආරම්භ කිරීමට ප්‍රථමව හා අවසන් වූ පසු පින්තූර හා වීඩියෝ ලබා දීමට කටයුතු කරන්න.
ඔබ අවශ්‍ය තොරතුරු ලබා දුන් පසු එය අපගේ Social media page, Group & Team එක මගින්, එයට අවශ්‍ය ප්‍රචාරණය ලබාදී, වෙනත් පුද්ගලයන් විසින් ලබාදෙන ආධාර, උපකාර ඔබ වෙත ලබා දීමට අප  කටයුතු කරන්නෙමු.

Team,
HIS Foundation Srilanka

No comments:

Post a Comment